ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 06-02-2023 | 6:08 AM

දේශීය පුවත්

1. පොලීසියේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුව 06 ගුණයකින් ඉහළ ගියේ කොහොමද? – එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති  ඇස්තමේන්තුව 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත මුදලට වඩා හය ගුණයක් වැඩි බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

2.ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ඇරඹෙයි..  – ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ඊයේ (05) ආරම්භ කෙරිණි. 

3.එකම පවුලේ පියා, දුව සහ ඥාති පුත්‍රයෙකු දියේ ගිලීමෙන් මරුට.. – හලාවත, මෝයකට ආසන්නයේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනෙකු හා  ඥාති පුත්‍රයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ . 

4.ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ දී මරුට – ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත් වී තිබේ.

5.75 වන නිදහස් සැමරුමට සමගාමීව ඉන්දියාවෙන් දෙන බස් රථ 500න් තවත් බස් රථ 50ක් සංකේතාත්මක ජනපතිට භාර දෙයි – 75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිණි. 

6.ලිට්‍රෝ ගෑස් මිල ඉහළට.. –ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.