ව්‍යාපාරිකයා ඝාතනය: මුගුරකින් කළ පහරදීමකින්

කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය ගැන සැකකරුගෙන් හෙළිදරව්වක්..

by Staff writer 06-02-2023 | 8:04 AM

COLOMBO ( News 1st ) – ප්‍රකට කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතා ඝාතනය කර ඇත්තේ, මුගුරකින් කළ පහරදීමකින් බව අනාවරණය වී තිබේ. 

කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ , අදාළ ව්‍යාපාරිකයා පැලවත්තේ පිහිටි නිවසේ පිහිනුම් තටාකය තුළ සිටියදීම පහරදීම සිදුකර ඇති බවයි.

සැකකරු ඔහුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ. 

එය නොදීම හේතුවෙන් පහරදීම සිදු කළ බව, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. 

අදාළ ඝාතනය සම්බන්ධයෙන් 27 හැවිරිදි තරුණයෙකු සහ 24 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගැනුණි. 

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය කඩවත ප්‍රදේශයේ කළ වැටලීමකදී ය.

අදාළ ව්‍යාපාරිකයාගේ, පශ්චාත් මරණ පරීක්ෂණය අද(06) පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඔහුගේ මළ සිරුර ඥාතීන් මෙතෙක් හඳුනාගෙන නැහැ.