65 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල

උත්කර්ෂවත් 65 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල

by Staff writer 06-02-2023 | 6:53 PM

COLOMBO ( News 1st ) - 65 වන වාර්ෂික ග්‍රැමී (GRAMMY) සම්මාන උළෙල අද (06) අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හීදී පැවැත්විණි. 

ගායකයින්, සංගීතඥයින්, පද රචකයින් ඇතුළු සුප්‍රකට චරිත රැසක් මෙවරත් සම්මාන උළෙලට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ. 

වසරේ හොඳම සංගීත ඇල්බමයට හිමි සම්මානය දිනා ගත්තේ, වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සංගීත ලොවට අවතීර්ණ වූ හැරී ස්ටයිල්ස් විසිනි. 

වසරේ හොඳම ඒක පුද්ගල පොප් ගායනයට හිමි ග්‍රැමී සම්මානය ඊසි ඔන් මී (EASY ON ME) ගීතය ගායනා කළ අඩෙල් හට හිමිවූ අතර  අද (06) දිනයේ දී බියෝන්සේ  ඇගේ සංගීත ජීවිතයේ 32වැනි ග්‍රැමී සම්මානය දිනා ගැන්මට වාසනාවන්ත විය.