අරණායක අම්බලමක තිදෙනෙකුගේ මළ සිරුරු..

අරණායක අම්බලමක ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ මළ සිරුරු

by Staff writer 06-02-2023 | 9:02 AM

 COLOMBO ( News 1st ) – අරණායක, පොල්අඹේගොඩ ප්‍රදේශයේ අම්බලමක් තුළ තිබී ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ සිරුරු හමුවී තිබේ. 

පොලීසීය සඳහන් කළේ මියගිය ළමුන් අවුරුදු 9 සහ 6 යන වයස්වල පසුවන්නන් බවයි.

අම්බලම තුළ තිබී ළමුන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ. 

ඒ අසල ඔවුන්ගේ පියා ද ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි පොලීසීය සඳහන් කළේ ය. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.