ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු අද..

අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ

by Staff writer 06-02-2023 | 9:10 AM

 COLOMBO ( News 1st ) –  ස්වර්ගස්ථ වූ අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී  සිදු කිරීමට නියමිතයි. 

අද පෙරවරු 9.30ට කොළඹ විශ්වවිද්‍යාලයට රැගෙන යන දේහය යළිත් පෙරවරු 11.00 සිට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ දේහය තැන්පත් කෙරෙනු ඇති.

පස්වරු 3.00ට අවසන් කටයුතු සිදු කෙරෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. 

කොළඹ හිටපු අගදරගුරු, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති දේවධර්මාචාර්ය අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වුණේ පසුගිය 3 වැනිදා ය.

මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් පෙරටුගාමී මෙහෙවරක නිරත වූ උන්වහන්සේ, සාහිත්‍ය කේෂත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද විශාල කාර්යභාරයක් ඉටු කළේ ය.