.webp)
COLOMBO ( News 1st ) - බත්තරමුල්ල, පැලවත්තේ නිවසකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන යුවළ හඳුනා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලීසිය සඳහන් කළේ, එම යුවළ රටින් පිට වී නැති බවයි.
පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී කොළඹ නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරු වූ රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර හමුවිය.
එම මහතාගේ මෝටර් රථය ද පසුගිය දා පොලිසිය විසින් සොයාගනු ලැබිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මෝටර් රථය රැගෙන ගිය අය එය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට වාහන නඩත්තු ආයතනයකට දන්වා එය මහ මග දමා ගොස් ඇති බවයි.
අදාළ නඩත්තු සේවා ආයතනය එම මෝටර් රථය රැගෙන ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබිණ.
ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඝාතනය කර අනතුරුව සිරුර ඇදගෙන විත් පිහිනුම් තටාකයට දමා ඇතැයි සිදු කළ මූලික විමර්ශනවලට අනුව සැක පළ කරයි.