.webp)
COLOMBO ( News 1st ) - ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත් වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 45 ක් වන අතර ඔහුගේ මරණය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.
එසේම මේ වන විටත් ඉන්දුනීසියාවේ ජකර්තාහි පොලිස් ඒකක කිහිපයක් විසින් මෙම මරණය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව ද ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවසීය.