දියේ ගිලීමෙන් තිදෙනෙකු මරුට..

එකම පවුලේ පියා, දුව සහ ඥාති පුත්‍රයෙකු දියේ ගිලීමෙන් මරුට..

by Staff writer 05-02-2023 | 7:09 PM

COLOMBO ( News 1st ) - හලාවත, මෝයකට ආසන්නයේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනෙකු හා  ඥාති පුත්‍රයෙකු  දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ .

පොලීසිය සඳහන් කළේ 35 හැවිරිදි වියේ පසු වූ පියා,  අවුරුදු 6 ක දියණිය සහ අවුරුදු 7 ඥාති පුත්‍රයෙකු එලෙස මියගොස් ඇති බව ය.

මීගමුව ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස හලාවත ඥාති නිවසකට පැමිණ ඇත.

එහිදී ඔවුන් 9 දෙනෙකු සමග යාත්‍රාවකින් මෝයකට ආසන්නයට පැමිණ ඇත්තේ දිය නෑම සඳහායි.

පිරිස දිය නාමින් සිටි අවස්ථාවේ රළ පහරකට හසුවීමෙන් ඔවුන් අනතුරට ලක්ව ඇතැයි, පොලීසිය පවසයි.

සිද්ධියට මුහුණ දුන් තවත් කාන්තාවක් සහ දරුවෙක් රෝහල්ගත කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.