2048 වනවිට සංවර්ධිත දේශයක් බිහි කිරීම මාගේ අපේක්ෂාවයි - ජනපති

by Staff writer 04-02-2023 | 7:43 PM

COLOMBO ( News 1st ) - 2048 වනවිට සංවර්ධිත දේශයක් බිහි කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අදට යෙදී ඇති 75වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.