.webp)
COLOMBO ( News 1st ) - මහජන පීඩාවක් ඇතිවන අයුරින් පෙළපාලී සහ උද්ඝෝෂණ වළක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු, වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි. එම නියෝගය නිකුත් කළ සෙසු පිරිස අතර, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ද ඇතුළත්ය. කෙසේ වෙතත්, සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට එම නියෝගයෙන් බාධාවක් නොවන බව ද දැක්වේ.