මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්

පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් ⁣වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්

by Staff writer 04-02-2023 | 5:46 PM

COLOMBO ( News 1st )  - පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770 ක් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ බව ය.

මැතිවරණ වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයට මීට පෙර යොමු කළ ඉල්ලීම් වලට අදාළව මුදල් නිකුත් කළ බව ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වැයවනු ඇතැයි, ඇස්තමේන්තු කර ඇති අතර, එම මුදල මෙවර අයවැයෙන් වෙන් කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනුමැතිය හිමි විය.