ආර්ථිකයේ නව ඉසව් කරා කඩිනමින් පිය නැගිය යුතුයි!

තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! - ජනපති

by Staff writer 04-02-2023 | 6:52 AM

COLOMBO ( News 1st ) : ප්‍රෞඩ ජාතියක් වූ ශ්‍රී ලාංකීය ජාතියේ අතීත ශක්තීන් නැවත මෙනෙහි කරමින් සහ නවීන තාක්ෂණය සමග එක්ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය 75 වසර පුරා අප විසින් දිනා ගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ බවත් එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රාය බවත් ජනාධිපතිවරයා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ සඳහන් ය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ඒ සඳහා වූ නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අප දැන් රට හමුවේ තබා ඇති බවයි.