ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 04-02-2023 | 6:10 AM

 
දේශීය පුවත්

1.මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..– මරදාන, එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට නිදහස සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඊයේ(03) ටික වෙලාවකට පෙර පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

2.බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් – ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ස්වෛරී බැඳුම්කර මිලදී ගත් පාර්ශ්ව ඒකාබද්ධව සකස් කරගත් බැඳුම්කර හිමියන්ගේ එකතුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡාවලට සහභාගී වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී   තිබේ.

3.ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට – මහාචාර්ය ආශු මාරසිංහ මහතා යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස පත් කර තිබේ. 

4.විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී – මානව හිමිකම් කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් වන තුරු විදුලිය අඛණ්ඩව ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පොරොන්දුව ඊයේ (03) ඉල්ලා අස්කර ගෙන තිබේ. 

5.නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්.. – 75 වන නිදහස් උළෙල අවසන් වනතුරු ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශවලට අවසර නොලත් පුද්ගලයින්ට ඊයේ (03)පස්වරුවේ සිට අද (04)වැනිදා ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේ ය. 

6.මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි - ඉංග්‍රීසි භාෂාවෙන් 'Slave Island' ලෙස හැඳින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.