ගල් අඟුරු ගන්න සල්ලි දෙන්න.

ගල් අඟුරු ගන්න සල්ලි දෙන්න - ගල් අඟුරු සමාගමෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ලිපියක්

by Staff writer 04-02-2023 | 10:05 PM

COLOMBO ( News 1st ) - ගල් අඟුරු සඳහා ගෙවීමට මුදල් දෙන්නැයි, ලංකා ගල් අඟුරු සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා විෂය භාර අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර අදාළ ලිපියෙන් සභාපතිවරයා ඩොලර් මිලියන 12.2 ක මුදලක් ඉල්ලුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා කියා සිටියේ,2022 - 2023 සඳහා අවැසි ගල්අඟුරු නෞකා 33 ක් ගෙන ඒමේ  වැඩසටහන යටතේ මේ වන විට ගල් අඟුරු නෞකා 33න් නෞකා  11  ක් සම්පූර්ණයෙන්ම ගොඩ බා අවසන් බවත්,සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ගල් අඟුරු ඇනවුම් කිරීමේ දී අදාළ සැපයුම්කරුවන්ට 
ගල් අඟුරු නැව් ගත කිරී‍මේදී 30%ක මුදලක් ද,ඉතිරි 70%ක ගෙවීම් මුදල  ගල් අඟුරු තොග ගොඩ බෑමෙන් පසුව සිදු කෙරෙන බවය.