.webp)
COLOMBO ( News 1st ) – සංචාරක එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පළමු සිව්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසියේ හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 136 කි.
පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයන් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 467 ක් රැස් කළේ ය.
ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 663 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවිය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නිශාන් මධුෂ්ක ලකුණු 241 කි.
නායක නිපුන් ධනංජය ලකුණු 128 ක් රැස් කළේ ය.
තරගය අවසන් වනවිට ලකුණු 332 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 221 ක් රැස් කරගෙන සිටියේ ය.
ජොෂ් බොහානන් ලකුණු 57 කි.
මිලාන් රත්නායක කඩුලු 3 ක් බිඳ හෙලුවේ ය