English
தமிழ்
කර්තෘ Staff writer
04 Feb, 2023 | 6:25 am
නිදහස් දින ජාතික සැමරුම් උත්සවය අභිමානවත් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුදොරදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සුදානම් ය.
මෙවර නිදහස් දින උළෙලට යුධ , ගුවන් , නාවික හමුදා , පොලිස් විශේෂ බලකාය , විශ්‍රාමික රණවිරුවන් 6,410 ක් සහභාගී වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නිදහස් දින පෙළපාලියට රථ 108 ක් ද එක්වන බවයි.
නාවික හමුදා බල ගණ 07ක් මේ සඳහා සහභාගී වෙයි.
සමස්තයක් වශයෙන් නිලධාරින් 58 ක් ඇතුළු නාවික බට පිරිස් 1001ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති.
ගාලු මුවදොර මුහුදු තීරයේ විශේෂ නෞකා 03ක් නැංගුරම්ලා ඇති අතර, දහවල් 12.00 ට ජාතිය වෙනුවෙන් , ආචාර වෙඩි මුර 25ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ගුවන් හමුදාවේ සියලුම අංශ නියෝජනය කරමින් සෙබළුන් 650 ක් හා සන්නද්ධ රථ 27ක් නිහදස් දින පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති.
ගුවන් සංදර්ශනය සඳහා එක්වන ගුවන් යානා සංඛ්‍යාව 14කි.
සාම්ප්‍රදායික පැරෂුට් සංදර්ශනය උත්සවය අවසානයේ පැවැත් වෙන අතර ඒ සඳහා බට පිරිස් 40 ක් සහභාගීවීමට නියමිතයි.
පොලීසිය නියෝජනය කරමින් බල ඇණි 04 ක් එක් වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.
පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් මේ සඳහා නිදහස් දින පෙළපාලියට එක්වන සාමාජිකයින් සංඛ්‍යාව 220කි.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS