PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි

PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි

PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි

කර්තෘ Staff writer

03 Feb, 2023 | 5:02 pm

COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සාමාජිකත්වයෙන් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස් වී තිබේ.

ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. 

සිය ඉල්ලා අස්වීමේ ලිපි මගින් ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ, මහජන උපයෝගිතා කොමිසම පසුගිය කාල සීමාව තුළ කිසිදු වෘත්තියභාවයකින් තොරව කටයුතු කරමින් සිටීම සිය ඉල්ලා අස්වීමට හේතුව බව ය.

මෑතකදී මහජන උපයෝගිතා කොමිසම තුළට මැරයන් පිරිසක් ඇතුළු වී තමන්ට තර්ජනය කිරීමේ සිදුවීම සහ එම සිදුවීම ඊට පසු දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සාධාරණීකරණය කිරීම මගින් ඒ බව තහවුරු වන බව ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කොමිස‍මේ සෙසු සාමාජිකයින්ගේ කැමැත්තතෙන් තොරව සිය තනි අභිමතය පරිදි තීරණ ගෙන ඒවා නිවේදනය කිරීමත් සිය ඉල්ලා අස්වීමට හේතුවක් බව ය.

මෙවැනි තත්ත්වයන් ‍මත තමන් සමාජය හමුවේ දුෂ්ඨයකු හා සමාන තත්ත්වයකට  පත් වී ඇති බව ද ඔවුන් සිය ලිපියේ දක්වා ඇති අතර අදාළ ලිපියේ පිටපත් මේ වනවිට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙතත්, මහජන උපයෝගිතා කොමිසම වෙතත් යොමු කර ඇතැයි එම කොමිසම පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]