COLOMBO ( News 1st ) : පොල්ගහවෙළ ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, මන්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස්වීමක් දුරදිග ගොස් එම ඝාතනය සිදුකර ඇති බවයි.
පොල්ගහවෙළ රෝහලේ මෘත ශරීරය තැන්පත් කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඝාතනයට සම්බන්ධ 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.