විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

කර්තෘ Staff writer

03 Feb, 2023 | 4:26 pm

COLOMBO (News 1st) – මානව හිමිකම් කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් වන තුරු විදුලිය අඛණ්ඩව ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පොරොන්දුව අද (03) ඉල්ලා අස්කර ගෙන තිබේ.

විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බව දැනුම් දුන්නේ, පෙත්සම කැඳවූ අවස්ථාවේදී යි. 

ගාමිණි අමරසේකර, කුමුදුණි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම සලකා බැලුණි.

පෙත්සම සලකා බැලීම අද දිනයට අවසන් කිරීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රතිඥාව ඉල්ලා අස් කර ගන්නා බවයි.

විදුලිබල මණ්ඩලය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව අවසන් කරන්නේ නම් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය අතරතුරදී විදුලිය විසන්ධි කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරු මඩුල්ල එය ප්‍රතික්ෂේප කළේ ය.

පෙත්සම යළි ලබන 7 වැනි දා පස්වරු 1.30 කැඳවීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]