මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..

මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..

කර්තෘ Staff writer

03 Feb, 2023 | 10:42 pm

COLOMBO (News 1st) – මරදාන, එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට නිදහස සත්‍යග්‍රහයේ නිරත පිරිසට මීට ටික වෙලාවකට පෙර පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

අද (03) දහවල් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ, අධික මුදලක් වැය කරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමිනි. 

අද රාත්‍රියේ පොලිස් නිලධාරීන් පැමිණ දැනුම් දුන්නේ, මෙම ස්ථානයේ විරෝධතකා පැවැත්විමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එහෙත් ඊට ඒම ස්ථානයේ සිටි පිරිසගේ විරෝධය පළ වුණ අතර ඔවුන් දිගින් දිගටම ස්ථානයෙන් ඉවත් නොවි සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටි බව අප වාර්තාකරු පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]