ප්‍රකට ගී පද රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රකට ගී පද රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රකට ගී පද රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි..

කර්තෘ Staff writer

03 Feb, 2023 | 11:00 am

COLOMBO ( News 1st ) : ප්‍රකට ගී පද රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට වයස අවුරුදු 64 කි.

1957 වසරේ මැයි 4 වැනිදා කළුබෝවිලදී උපන් ඔහු, සිනමා තිර රචකයෙකු ලෙස ද කටයුතු කළේ ය. 

මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝනී තරහා වෙලා, පියාණෙනී මා, පතනාදේ සුන් වේ නම් ආදී ගීත තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ඔහු හෙළ ගීත සාහිත්‍යයට දායාද කළේ ය. 

දේහය මේ වනවිට තැන්පත් කර තිබෙන්නේ අතුරුගිරිය, වල්ගම පිහිටි අංක 380 / 3 දරණ නිවසේ ය.

තිස්ස ඩයස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]