පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබන 22, 23 හා ,24

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබන 22, 23 හා ,24

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබන 22, 23 හා ,24

කර්තෘ Staff writer

03 Feb, 2023 | 6:46 am

COLOMBO ( News 1st ) – පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 22, 23 හා 24 යන දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 15 වැනිදා සිදු කෙරෙන බවයි.

මේ අතර, නිල ඡන්ද දැන්වීම් කාඩ්පත් තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය. 

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට අදාල ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]