නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..

නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..

නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..

කර්තෘ Staff writer

03 Feb, 2023 | 4:39 pm

COLOMBO ( News 1st )  – 75 වන නිදහස් උළෙල අවසන් වනතුරු ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශවලට අවසර නොලත් පුද්ගලයින්ට අද (03)  පස්වරුවේ සිට හෙට (04)වැනිදා ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝගයක් නිකුත් කළේ ය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ, කොටුව පොලීසිය විසින් කළ  ඉල්ලීමක් සළකා බලමින් ය.

නිදහස් උළෙලට දේශීය සහ විදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිත බවත්, අනවශ්‍ය ලෙස පොදු ජනතාව එම ප්‍රදේශවලට ඇතුළුවීමෙන් උත්සව සංවිධාන කටයුතුවලට බාධාවක් මෙන්ම පැමිණෙන ආරාධිත අමුත්තන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් නිදහස් සැමරුම අවසන් වනතුරු එයට බාධාවන පරිදි එම ප්‍රදේශයට ඇතුළු වීම වළක්වන්නැයි කොටුව පොලීසිය අධිකරණයට පෙන්වා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]