කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි

කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි

කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි

කර්තෘ Staff writer

03 Feb, 2023 | 1:08 pm

COLOMBO (News 1st) –  හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතා මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් අද පෙරවරුවේ පිදුම් ලැබි ය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සම්මානය ජයසූරිය මහතා වෙත පිරිනැමුවේ ජනාධිපති මන්දිරයේදීයී.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි කරු ජයසූරිය මහතා 2020 වසරේදී මෙරට පාර්ලිමේන්තුවේ 20 වැනි කතානායක ධුරයට ද පත්විය. 

එතුමා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු, බුද්ධශාසන හා ආගමික කටයුතු, බලශක්ති යන අමාත්‍ය ධුර රැසක්  හොබවා තිබේ. 

ඔහු, 1997 – 1999 කාලය තුළ කොළඹ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයේ මෙන්ම සභාපති ධුරයේ ද කටයුතු කළ කරූ ජයසූරිය මහතා, ලාංකේය දේශපාලනයේ පූර්වාදර්ශී චරිතයකි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]