English
தமிழ்
කර්තෘ Staff writer
03 Feb, 2023 | 11:17 am
COLOMBO (News 1st) – බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී සිරුර හමුවූ කොළඹ නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරු වූ රොෂාන් වන්නිනායක මහතාගේ මෝටර් රථය අද අලුයම හමුවිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, මෝටර් රථය රැගෙන ගිය අය එය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට වාහන නඩත්තු ආයතනයකට දන්වා එය මහ මග දමා ගොස් ඇති බවයි.
අදාළ නඩත්තු සේවා ආයතනය එම මෝටර්රථය රැගෙන ගොස් තිබියිදී පොලිසිය සොයාගෙන තිබිණ.
මෝටර් රථය මේ වන විට මීගමුව පොලිස්ථානයට රැගෙන ගොස් තිබේ.
පොලිසිය පවසන්නේ, එම මෝටර් රථය එහි රැගෙන ආ යුවළ ද මේ වනවිට විදෙස්ගත වී ඇතැයි සැක කෙරෙන බවයි.
50 හැවිරිදි රොෂාන් වන්නිනායක මහතා පසුගිය 30 වැනිදා සිට අතුරුදන්ව සිටියේ ය.
පොලිසිය අද උදෑසන අප කළ විමසීමකදී පැවසුවේ සිදුවීම ඝාතනයක් ලෙස සලකා විශ්වාස කෙරෙමින් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
මළ සිරුර හමුවූ පිහිනුම් තටාකය ආසන්නයෙන් ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගැනිණ.
ඒ අනුව ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඝාතනය කර අනතුරුව සිරුර ඇදගෙන විත් පිහිනුම් තටාකයට දමා ඇතැයි සිදු කළ මූලික විමර්ශනවලට අනුව සැක පළ කරයි.
වැල්ලම්පිටිය කිත්තම්පහුව සිය සහෝදරියගේ නිවෙසේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක මහතා පැලවත්තේ නිවස අලුත්වැඩියා කරමින් සිට තිබේ.
වැල්ලම්පිටියෙන් ඔහුට අයත් මෝටර් රථයක නැගී පිටත්ව ගිය ඔහුට 30 වැනිදා රාත්‍රී 7ට පමණ ඔහුගේ නැගණිය දුරකථන ඇමතුම් කිහිපයක් ගත්ත ද ප්‍රතිචාර දක්වා නොතිබිණ.
ඔහුගේ අවසන් දුරකථන ඇමතුම ලැබී තිබුණේ එදින රාත්‍රී 7.29 ට පමණයි.
එම ඇමතුමෙන් පසුව සිය සොහොයුරාගේ දුරකථනය අක්‍රීය වූ බවත් ඔහු අතුරුදන්ව ඇති බවත් සඳහන් කරමින් ඔහුගේ නැගණිය වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණේ ඉන් අනතුරුවයි.
පසුව ඇතිවූ සැකයක් මත නැගණිය ඇතුළු පවුලේ ඥාතීන් පැලවත්ත ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී තම සොහොයුරාගේ මළ සිරුර නාන තටාකයේ පාවෙමින් තිබෙනු දැක තිබිණ.
මේ වනවිට ඔහුගේ පවුලේ ආරංචි මාර්ග අනුව වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයාගේ දුරකථනය හා මුදල් පසුම්බිය ඇතුළුව එහි තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් 4ක් ද අතුරුදන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
20 Mar, 2023 | 01:01 PM
20 Mar, 2023 | 08:58 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS