English
தமிழ்
කර්තෘ Staff writer
03 Feb, 2023 | 8:50 pm
උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන සඳුදා සවස කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී සිදු කෙරෙන බව කතෝලික සභාව නිවේදනය කර තිබේ.
කලක් රෝගාතුරව සිටි අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (03) අලුයම ස්වර්ගස්ථ වූ අතර ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 90 ක්.
අද (03) පස්වරුවේ දේහය කොළඹ අගරදගුරු නිවසේ දේවස්ථානයට රැගෙන ආ අතර එහිදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණේ,කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙනි.
අද (03) රාත්‍රියේ දේහය කැලණිය පිලපිටයේ සාන්ත ආනා දෙව්මැදුරේ තැන්පත් කිරීමට නියමිතයි.
1932 දෙසැම්බර් 12 වැනිදා කැලණියේ දී උපන් අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කොළඹ සාන්ත බෙනඩික්ට්, වරාගොඩ ශාන්ත පාවුළු හා කොළඹ ශාන්ත ජෝශෆ් විදුහල්වලින් අධ්‍යාපනය හදාරා තිබේ.
1950 මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලෙන් දේවධර්ම සහ දර්ශනවාදය පිළිබඳව උපාධි ලබා ගත් උන්වහන්සේ පිලිපීනයේ ඇඩම්සන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.
1958 වසරේ දී අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ට කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පූජකවරය ප්‍රදානය කරනු ලැබු අතර පූජකවරයෙකු ලෙස ඉතා විශිෂ්ට සේවාවක් කළ උන්වහන්සේ 2002 වසරේ ජූලි 27 වන දින කොළඹ අගරදගුරු පදවියේ අග්‍රරාජගුරුප්‍රසාදි පදවියට පත්විය.
පාසල් , ජාත්‍යන්තර පාසල් සහ කාර්මික පාසල් 15 ක් පමණ පිහිටුවීමට පුරෝගාමී වූ උන්වහන්සේ දුප්පතුන් සහ සුනාමියෙන් විපතට පත් වූවන් සඳහා විවිධ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේ ය.
මානව වර්ගයාට කළ අමිල සේවය අගයමින් චීනයේ පැරණි විශ්වවිද්‍යාලයක් වන ෆූ ජෙන් විශ්වවිද්‍යාලය විසින් උන්වහන්සේට දර්ශනපති ආචාර්ය උපාධියද පිරිනමා තිබුණි.
මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔස්ලවල්ඩ් ගෝමිස් හිමිපාණන්, සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කල මෙහෙවරද විශේෂය.
2001 වසරේ සිට 2021 වසර දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද උන්වහන්සේ කටයුතු කළේ ය.
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා
'' හෙට පෙබරවාරි 4 වැනිදා දේහය රැගෙන යනවා අනුරාධපුර ශුද්ධ වු ජුසේතුමන්ගේ ආසන දෙව්මැදුරට. පස් වැනිදා සඳුදා හැන්දැවේ 5.00ට කොටහේනේ ආසන දෙව්මැදුරට රැගෙන එනවා, සඳුදා හැන්දැවේ 3.00ට අවමංග්‍ය දිව්‍ය පුජාව සිදු වෙනවා කොටහේන ආසන දෙව්මැදුරේදී. ඊටපස්සෙ දිව්‍ය පුජාවෙන් පස්සේ උන්වහන්සේගේ භුමදාන කටයුතු සිද්ධ වෙන්වෙත් කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී''
01 Apr, 2023 | 06:12 AM
31 Mar, 2023 | 07:59 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS