English
தமிழ்
කර්තෘ Staff writer
02 Feb, 2023 | 12:25 pm
COLOMBO (News 1st) – රටේ ස්වාධීනත්වය , භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂා පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කරයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වහයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මානය කර ඇති බවයි.
ඉඩම් හා පොලිස් බලතල , පෞරාණික , ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීම පළාත් සභා වෙත බලය ලබාදීම රට තුළ බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නක් බව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් ය.
මහා නාහිමිවරුන් අවධාරණය කරන්නේ මීට පෙර ජනාධිපතිධූරය දැරු පුද්ගලයින් විසින් 13 වන ව්‍යවස්ථා සංශෝදනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැලකී සිටියේ රට තුල ඇති විය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධකරගත් නිසා බවයි.
ජනතා පරමාධිපත්‍ය්‍ය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධිපත්‍ය බිඳ වැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයට හේතුවක් බව උන් වහන්සේ අවධාරණය කරති.
ත්‍රෛනිකායික මහාන නාහිමිවරුන් අවධාරනය කරන්නේ රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා යම් කොන්දේ සදහා එකග වීමට බලපෑම් එල්ල වූවද , රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වාධීනත්වය අනතුරෙහි හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බවයි.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS