.webp)
COLOMBO ( News 1st ) - පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් අප්‍රිකානු රටවල් 4 කට අමෙරිකානු ඩොලර් මිලියන 311ක අරමුදල් ලබා දීමට තීරණය කර තිබේ.
ඒ අනුව සියෙරා ලියොන්, ලයිබීරියාව, ටෝගෝ සහ චැඩ් යන රටවල විදුලිය බෙදා හැරීම සහ සම්ප්‍රේෂණ පිළිබඳ ව්‍යාපෘති සඳහා මෙම අරමුදල් යෙදවීමට නියමිතයි.
මෙම අරමුදල්, බලශක්තිය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බටහිර හා මධ්‍යම අප්‍රිකානු රටවල බලශක්ති විප්ලවයක් ඇති කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.