අදානි ලොව ධනවත්ම පුද්ගල ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට දහතුන දක්වා පහළට

අදානි ලොව ධනවත්ම පුද්ගල ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට දහතුන දක්වා පහළට

අදානි ලොව ධනවත්ම පුද්ගල ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට දහතුන දක්වා පහළට

කර්තෘ Staff writer

02 Feb, 2023 | 5:49 pm

COLOMBO ( News 1st ) – අදානි සමූහ ව්‍යාපාරයේ වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 100කින් පහත වැටී තිබේ.

ඒ ඔවුන්ට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා හේතුවෙනි. 

පසුගිය සතියේ පර්යේෂණ ආයතනයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද වර්තාවක, අදානි සමූහ ව්‍යාපාරය සිදුකලා යැයි සැක කෙරෙන ගිණුම්කරණ වංචා සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ තොරතුරු හෙළි කිරීමත් සමග එම ව්‍යාපාරයේ වෙළඳපොළ වටිනාකම දරුණු ලෙස පහත වැටුණි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානිගේ පෞද්ගලික වත්කම් වලට ද මෙම මූල්‍ය වංචා චෝදනා දැඩි බලපැමක් එල්ල කර බවයි. 

චෝදනා එල්ල වී දින කිහිපයක් ඇතුළත ඔහු ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ  තෙවැනි ස්ථානයේ සිට දහතුන් වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් ය. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]