පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් ,පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනට

by Staff writer 01-02-2023 | 9:27 PM

COLOMBO (News 1st) - පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් ,පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද (01) පස්වරුවේ දිවයිනට පැමිණියා ය.

කටුනායක ගුවන් තොටුපළේ , කාර්යභාර කළමණාකාරවරයා සඳහන් කළේ, ඇය සමග තවත් නියෝජිතයින් 03 දෙනෙකු දිවයිනට පැමිණි බවයි. 

ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.