කැලණි සරසවිය අසල අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාර

by Staff writer 01-02-2023 | 3:54 PM

COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු වේලාවකට පෙර ජල ප්‍රහාර එල්ල කළේ ය. 

ඒ , කැලණිය විශ්වවිද්‍යාලය අසලදීයි. 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් අද පස්වරුවේ කැලණිය විශ්වවිද්‍යාලය අසලින් මෙම විරෝධතාව ආරම්භ කළේ,  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සිරගත කර තැබීමට විරෝධය පළ කරමිනි.