නඩු තුනකට අදාළව අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත මුදාහැරේ

නඩු තුනකට අදාළව අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත මුදාහැරේ

කර්තෘ Staff writer

01 Feb, 2023 | 12:41 pm

COLOMBO (News 1st) –  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු තුනකින් ඇප හිමිවී තිබේ. 

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවෙන් ද ඊයේ  නිදහස් කෙරිණ.

 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (31) එම නියෝගය නිකුත් කළේ ය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ගැනෙන වැරදි සිදුකළේ, යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ ය. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]