බංග්ලාදේශයට IMF ණය පහසුකම හිමිවෙයි

බංග්ලාදේශයට IMF ණය පහසුකමේ පළමු වාරිකය මුදා හැරේ..

by Staff writer 31-01-2023 | 8:39 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවට පසුව කාර්යය මණ්ඩල එකඟතාව ඇතිකරගත් බංග්ලාදේශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (31)  විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය මුදා හැරියේ ය.

ශ්‍රී ලංකාව කාර්යය මණ්ඩල එකඟතාව ඇතිකරගත්තේ, පසුගිය වසරේ සැප්තැම්බර් 01 වැනිදා වූ අතර බංග්ලාදේශය පසුගිය වසරේ නොවැම්බර් 09 වැනිදා එම එකඟතාව ඇතිකරගෙන තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (31)  නිවේදනය කළේ, බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ලබාදීමට විධායක කමිටුව අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව ඩොලර් මිලියන 476 ක පළමු වාරිකය මුදාහැරීමට පියවර ගත් බවයි.