නිව්ස්ෆස්ට් ප්‍රා. වාර්තාකරු නිබෝජන් මියයයි

නිව්ස්ෆස්ට් ප්‍රා. වාර්තාකරු නිට්සිංගම් නිබෝජන් දිවියෙන් සමුගනී

by Staff writer 31-01-2023 | 11:54 AM

COLOMBO (News 1st) – නිව්ස්ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු නිට්සිංගම් නිබෝජන් මහතා අවාසනාවන්ත ලෙස දුම්රිය අනතුරකට ලක්වීමෙන් ඊයේ (30) ජීවිතක්ෂයට පත්විය. 

මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී  මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් සිදුවූ අනතුරකිනි.   

නිව්ස්ෆස්ට් කිලිනොච්චි ප්‍රදේශිය වාර්තාකරු ලෙස සේවය කළ නිබෝජන් එක්දරු පියෙකි. 

 ඉතා යුහුසුළුව  කිලිනොච්චිය අවට ප්‍රදේශවල ජනතා ගැටලු ඇතුළු පුවත් වාර්තාකරණයේ නිරත වූ නිබෝජන් සිදු කළ මෙහෙය ප්‍රසංශනීයයි.