නිදහස් දින සැමරුමේ පෙරහුරු හෙට සිට යළි ඇරඹේ

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ඇරඹේ

by Staff writer 31-01-2023 | 6:27 AM

COLOMBO (News 1st) - 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට (01) සිට යළි ආරම්භ කරනු ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, ඒ සඳහා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව, හෙට (01) සිට පෙබරවාරි 4 වෙනි දා දක්වා උදෑසන 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20 ක් වසා තැබේ.

ඊට අමතරව මාර්ග කිහිපයක රථවාහන ධාවනය ද සීමා කෙරෙනු ඇති.