English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
31 Jan, 2023 | 12:20 pm
COLOMBO (News 1st) – සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂිකව බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන බදු අය කළ හැකි පුද්ගලයින් මත 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් පනවා තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ, බද්ද පැනවීමේදී ඇතැම් අපනයන කර්මාන්තකරුවන්ට හා ඉතා කුඩා ලාභ ආර්ථිකයක් සහිතව විශේෂයෙන් විදේශ විනිමය ඉපයීම හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදෙන තැනැත්තන්ට සිය ව්‍යවසාය කටයුත්ත පවත්වා ගෙන යා නොහැකි බවට මුදල් අමාත්‍යාංශයට වාර්තාවී ඇති බවයි.
ඒ අනුව එවැනි අංශ විභාග කර සංශෝධන ඉදිරිපත් කිරීම සඳහාත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසත් නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මෙම යෝජනාව දිරිපත් කර තිබේ.
ඒ අනුව එකී සංශෝධනවලින් පසු ඇතැම් ආයතන හා පුද්ගලයින් මෙම බද්දෙන් නිදහස් වනු ඇති.
23 Mar, 2023 | 06:48 PM
23 Mar, 2023 | 04:16 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]rst.lk
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS