English
தமிழ்
කර්තෘ Staff Writer .
31 Jan, 2023 | 12:47 pm
COLOMBO (News 1st) – අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත මුදා හරින ලෙසට ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ලබාදීමට නියමිතයි.
ඊට අදාළ නඩුවට වසන්ත මුදලිගේ අද උදෑසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
වසන්ත මුදලිගේ තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සිට ඔහු නිදහස් කරන ලෙස ඉල්ලමින් පිරිසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරතව සිටිති.
මෙම විරෝධතාව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීම කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂ්‍රේප කළේ ය.
එලෙස මහජනතාවට අවහිර වන ලෙස කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව පොලිසිය සතු බලතල අනුව කටයුතු කරන ලෙස පොලිසියට අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා තම අධිකරණයේ නියෝග අනවශ්‍ය බව ද පෙන්වා දුන්නේ ය.
මේ අතර අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පසුගිය දෙසැබර් 12 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගය අවහිරකිරිම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුව ද අද කැඳවී ය.
එහිදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේ, පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට ලබන මාර්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා නැවත සිතාසි යැවීමටයි.
එම නඩුවේ 6 වන සැකකරු ලෙස නම් කොට තිබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අංජන රොද්‍රිගෝ නමැත්තාව අත්අඩංගුවට ගැනීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදි වරෙන්තු නිකුත් කළේ ය.
23 Mar, 2023 | 06:48 PM
23 Mar, 2023 | 04:16 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS