නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ඇරඹේ

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ඇරඹේ

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ඇරඹේ

කර්තෘ Staff writer

31 Jan, 2023 | 6:27 am

COLOMBO (News 1st) – 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට (01) සිට යළි ආරම්භ කරනු ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, ඒ සඳහා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව, හෙට (01) සිට පෙබරවාරි 4 වෙනි දා දක්වා උදෑසන 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20 ක් වසා තැබේ.

ඊට අමතරව මාර්ග කිහිපයක රථවාහන ධාවනය ද සීමා කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]