එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා A ක්‍රිකට් සටන අද ඇරඹේ..

එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා A ක්‍රිකට් සටන අද ඇරඹේ..

එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා A ක්‍රිකට් සටන අද ඇරඹේ..

කර්තෘ Staff writer

31 Jan, 2023 | 8:05 am

COLOMBO (News 1st) – සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර සිව්දින සහ එක්දින ක්‍රිකට් තරගාවලිය අද (31) ආරම්භ වේ.

එහි පළමු සිව්දින ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිපුන් ධනංජයට පැවරී ඇති අතර කමිදු මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර, තනුක දාබරේ සහ ෂෙවෝන් ඩැනියෙල් වැනි පිතිකරුවන් තරගයට එක්වනු ඇත.

පන්දු යවන්නන් ලෙස ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම සහ සුමින්ද ලක්ෂාන් වැනි ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුළත් ය.

ධනංජය ලක්ෂාන්, නුවනිදු ප්‍රනාන්දු සහ අම්ෂි ද සිල්වා වැනි තුන් ඉරියව් ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුළත්ව සිටි.

මේ අතර මෙම තරගාවලියට පෙර පුහුණුවක් ලෙස එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම ජය ගත්තේ කඩුලු 4කිනි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පළමු සිව්දින ක්‍රිකට් තරගය අද උදෑසන 10.00 ට ආරම්භ කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]