.webp)
COLOMBO (News 1st) - ත්‍රීකුණාමලයෙන් ධීවර කටයුතු සඳහා ගිය මෙරට ධීවරයින් 5දෙනෙකු හා ධීවර යාත්‍රාවක් මියන්මාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ය.
දෙසැම්බර් 29 වැනිදා ධීවර කටයුතු සඳහා ගිය -තරු රශ්මී - නැමැති ධීවර යාත්‍රාව හා ධීවරයින් පිරිස එලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් නිවුස්ෆස්ට් කළ විමසීමකදී , නාවික හමුදාව පැවසුවේ, ඒ පිළිබඳව තොරතුරු විමසා මියන්මාරය වෙත පණිවිඩයක් යොමුකර ඇති නමුත්, ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවයි.