.webp)
දේශීය පුවත්
1.මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට ඇමති කංචන සැරසෙයි - ජනක රත්නායක මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
2.ඇමතිගේ චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ - මහජන උපයෝගීතා කොමිසමේ සභාපති- තමන්ට එරෙහි චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
3.ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි - ජුලි චං - ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති ජුලි චං මහත්මිය පවසයි.
4.දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළට - දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
5.විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 ක් අත්අඩංගුවට..- බස්නාහිර සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.