ඒ, ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙනි.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අනිද්දා (01) වනවිට නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට ,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, අද පස්වරු 6 සිට ඉදිරි පැය 24 දක්වා කාලය තුළ පොතුවිල් සිට මඩකළපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින ලෙසයි.