‌ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

‌ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 29-01-2023 | 6:11 AM

COLOMBO (News 1st) - දේශීය පුවත් 

01.මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන

සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයෙකු වන එම්. එම්. මොහොමඩ් මහතාට තර්ජනය කර ඇතැයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

02.ලංවිමට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම නීතිමය පියවර ගන්න සැරසෙයි

උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව නතර කරන්නැයි තම කොමිසම දුන් නිර්දේශය කඩ කරමින් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

03.පල්ලේගම හේමරතන නාහිමිපාණන්ට අටමස්ථානාධිපති ධුරයේ සන්නස් පත්‍රය ජනපති පිළිගන්වයි

අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම ඊයේ (28) පස්වරුවේ සිදු කෙරුණි.

04.ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිල කාලය දීර්ඝ කෙරේ..

මෙරට සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභා වාර්තා සලකා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන මස 28 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. 

05.Online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමේ වැඩසටහන පුළුල් කෙරේ..

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඇතුළු ආයතන 55කින් මාර්ගගතව(Online) විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 

ක්‍රීඩා පුවත්

01.ස්වාධීන ක්‍රීඩිකාවන් ලෙස ග්‍රැන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළක් දිනු ලොව පළමු ක්‍රීඩිකාව බවට අරීනා සබලෙන්කා වාර්තා අතරට

බෙලරූස්හි අරීනා සබලෙන්කා 111වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවළ අංශයේ ශූරතාවය දිනාගෙන තිබේ.