COLOMBO (News 1st) - පුල්මුඩේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ කුඹුරු ඉඩම් ගැටලුවක් මුල් කරගනිමින් සිදුවූ ආරවුලක් හේතුවෙන් එම ඝාතන සිදුව ඇති බවය.
මිය ගිය පුද්ගලයින් අවුරුදු 41 හා 45 යන වයස්වල පසුවන්නන් වේ.
ගැටුමින් තුවාල ලැබූ තුන්දෙනෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අංගුවට ගෙන නොමැත.