කේ. බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 29-01-2023 | 9:50 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ නාට්‍යවේදියෙකු මෙන්ම තිරකතා රචකයෙකු ද වන කේ. බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට වයස අවුරුදු 81 කි.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ පාසල් සමයේදීයි.

මායාදේවී, දෝන කතිරිනා, කළු කුමාරි, ජගන්මා ඇතුලු වේදිකා නාට්‍ය රැසක් ඔහු තිර රචනය කර නිෂ්පාදනය කළේ ය.

රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති ධුරය ද දැරූ ඒ මහතා ටෙලි නාට්‍ය තිර රචකයෙකු ලෙස කළ මෙහෙවර අද්විතීයයි.

නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා නාට්‍යකරුවෙකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන, නාට්‍ය කීර්ති සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේ ය.

අභාවප්‍රාප්ත කේ. බී. හේරත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව, පවුලේ ඥාතීන් සඳහන් කළේ ය.