කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීම

අලාභ අවම කරගන්න, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් ඒකාබද්ධ කිරීමට පියවර

by Staff Writer . 29-01-2023 | 9:41 AM

COLOMBO (News 1st) - පවතින අලාභය අවම කර ගැනීමේ පියවරක් ලෙස, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ආයතන රැසක් ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති රජයේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කර තනි සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතව ඇති බවයි.

ඊට අමතරව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ මිල්කෝ සමාගම ඒකාබද්ධ කෙරෙනු ඇත.

හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය ඒකාබද්ධ කෙරෙන්නේ තවත් එවැනිම රජයේ කෘෂිකර්මික පර්යේෂණ ආයතන කිහිපයක් සමගය.

සේවකයින්ගෙන් උපරිම කාර්යක්ෂමතාවක් ලබා ගනිමින් ලාභය වර්ධනය කිරීම, වැඩපිළිවෙළේ අරමුණ බව, කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.