මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට ඇමති කංචන සැරසෙයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට ඇමති කංචන සැරසෙයි

කර්තෘ Staff writer

29 Jan, 2023 | 12:24 pm

COLOMBO (News 1st) – ජනක රත්නායක මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ඊට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිව ඇති බවය.

මේ අතර සිය නිලධාරීන් කැඳවා සිදුකළ බලපෑම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව ද, අමාත්‍යවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]