විදුලි සැර වැදී දෙදෙනෙකු මරුට..

විදුලි සැර වැදී දෙදෙනෙකු මරුට..

by Staff writer 28-01-2023 | 6:36 AM

COLOMBO (News 1st) : මට්ටක්කුලිය සහ උඩදුම්බර ප්‍රදේශවලදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. 

පොලිසිය සඳහන් කළේ, මට්ටක්කුලිය කාකදුපත ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් 38 හැවිරිදි හමුදා සෙබලෙකු මියගොස් ඇති බවයි. 

ඔහු කාකදුපත ප්‍රදේශයේ යුද හමුදා නිල නිවාසවල ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී විදුලි රැහැනක් ඇදීමට උත්සහ කිරීමේදී එම අනතුරට ලක්ව තිබේ. 

මේ අතර, උඩදුම්බර, නමදගල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇත්තේ 74 හැවිදිරි පුද්ගලයෙකි. 

ඔහු සිය වගා ඉඩමකට කම්බියක් උපයෝගී කරගෙන නිවසේ විදුලි පරිපතයෙන් විදුලි රැහැන් ඇදීමට උත්සහ කිරීමේදී විදුලිසැර වැදී මියගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.