ධීවර ප්‍රජාවට දැනුම් දීමක්..

නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන්න එපා -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 28-01-2023 | 7:14 AM

COLOMBO (News 1st) – නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා 
දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි. 

ඒ , ගිනිකොන දිග බෙංගාල බොක්කේ හටගෙන ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ය. 

එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.  

මේ අතර බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.