ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිල කාලය දීර්ඝ කෙරේ..

ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිල කාලය දීර්ඝ කෙරේ..

by Staff writer 28-01-2023 | 2:11 PM

COLOMBO (News 1st) – මෙරට සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභා වාර්තා සලකා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන මස 28 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. 

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ය.

2021 ජනවාරි මස 21 වැනිදා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත මෙම කොමිසම පත් කළේ, මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සිදු කළ විවිධ විමර්ශන පාදක කර ගනිමින් කරුණු සමාලෝචනය සඳහායි.

ඒ අනුව කොමිසම, උදලාගම, පරණගම, ඇතුළු මීට පෙර පත් කළ කොමිෂන් සභා වාර්තා අධ්‍යයනය කර ඇති අතර 300කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි විමසීම ද සිදු කළේ ය. 

මේ වනවිට අතුරු වාර්තා 2ක් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට භාරදී ඇති අතර කොමිසමේ අවසන් වාර්තාව මේ වනවිට සකස් කරමින් ඇති බව එහි සාමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ ය.